නැගෙනහිර පළාතේ කාබනික තත්ත්ව පරීක්ෂණාගාරය පිහිටුවීමට චීනයේ සහාය
2023-03-13 13:54:40
Share with:

නැගෙනහිර පළාතේ කාබනික නිෂ්පාදන තත්ත්ව පරීක්ෂණාගාරය ස්ථාපනය කිරීම සඳහා පූර්ණ සහාය ලබාදීමට චීනය එකඟ වී තිබේ.

ඊට අදාළ ගිවිසුම් ලබන මැයි මාසයේ දී අත්සන් තැබීමට නියමිතය.

චීනයේ යුනාන් පළාතේ  විදේශ සබඳතා කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මා සු ෂින් මහතා ඇතුළු චීන නියෝජිතයන් පිරිසක් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතර ඊයේ (12) පැවති හමුවක දී මේ බව ප්‍රකාශ කෙරිණ. ආණ්ඩුකාරවරියගේ සංකල්පයකට අනුව, කාර්මික තාක්ෂණ ආයතනයේ මැදිහත්වීමෙන් පළමු වරට කන්තලේ ප්‍රදේශයේ ඉදිකෙරෙන කාබනික තත්ත්ව පරීක්ෂණාගාරය සඳහා චීනයේ යුනාන් පළාත් පරිපාලනයේ පූර්ණ සහයෝගය ලබාදීමට එහිදී එකඟ වී තිබේ.

එම තත්ත්ව පරීක්ෂණාගාරයේ සිදුකෙරෙන බීජ පර්යේෂණවලට ජාත්‍යන්තර මට්ටමේ තත්ත්ව සහතිකයක් ලබාදීමට ද අපේක්ෂිත යි. එවැනි තත්ත්ව සහතිකයක් ලබාදිය හැකි පර්යේෂණාගාරයක් මෙරට ඉදිවන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

යුනාන් පළාතේ ආණ්ඩුකාරවරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ගිවිසුම් අත්සන් තැබීමෙන් පසු, පර්යේෂණාගාරයේ කටයුතු අදියර 2ක් යටතේ ක්‍රියාවට නැංවෙනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම