සෞදි අරාබි-ඉරාන රා‍ජ්‍යතාන්ත්‍රික සබඳතාව යළි ඇරඹීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ ඉහළ පිළිගැනීමක්
2023-03-13 16:10:13
Share with:

සෞදි අරාබිය හා ඉරානය දෙරට රා‍ජ්‍යතාන්ත්‍රික සබඳතාව යළි ආරම්භ කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ පිළිගැනීමට ලක්වෙයි.

චීනයේ සහාය යටතේ සෞදි අරාබිය හා ඉරානය බෙයිජිං සම්මුතියට එළඹ සිටින අතර, චීනය එම දෙරට හා එක්ව අදාළ ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරමින්, සෞදි අරාබි - ඉරාන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව යළි පිහිටුවීම ප්‍රකාශයට පත්කර තිබේ. එම ද්විපාර්ශ්වික සබඳතාව යළි ඇරඹීම ජාත්‍යන්තර සංවිධාන හා රටවල් රැසක ඇගැයීමට ලක්ව ඇත.

ගල්ෆ් කලාපයේ ස්ථාවරත්වය සඳහා සෞදි අරාබිය සහ ඉරානය අතර යහපත් අසල්වැසි සබඳතාව ඉතා වැදගත් බවත්, එම රටවල් දෙක අතර සංවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය දරන උත්සාහයට ස්තුතිවන්ත වන බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා ප්‍රකාශ කළේය.

මෙම සබඳතා මැදපෙරදිග ස්ථාවරත්වය යළි ගොඩනැංවීම, නොවිසඳුණු අර්බුද විසඳීම සහ සමස්ත මානවයන්ගේ සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීමේ දී මැනැවින් උපකාරී වනු ඇතැයි අරාබි පාර්ලිමේන්තුව පෙන්වා දී ඇත.

පලස්තීන ජනාධිපති මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ, මෙම එකඟතාවට එළඹීමේ දී චීනයේ ධනාත්මක කාර්යභාරය අගය කරන බවයි. එසේම, මැදපෙරදිග ස්ථාවරත්වය ප්‍රවර්ධනය සඳහා එමගින් මනා වාතාවරණයක් නිර්මාණය කෙරෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම