පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගි වීම සඳහා අමාත්‍ය අලි සබ්‍රි ලන්ඩනයට
2023-03-13 16:13:32
Share with:

22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට (CFAMM) සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සහභාගි වීමට ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇත. ලබන 15 වන දා ලන්ඩනයේ මල්බරෝ හවුස් හි පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානයේ දී මෙම රැස්වීම පැවැත්වෙයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම රැස්වීමට පෙර අද (13)  පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය දින සැමරුම් උළෙලට ද සහභාගි වනු ඇත.

සාමකාමී සහ තිරසර සමාජයක ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම, පාරිසරික තිරසරභාවය සඳහා දේශගුණික මූල්‍යකරණය, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව සහ අන්තර්-පොදු රාජ්‍ය මණ්ඩලයීය වෙළෙඳාම ආදී කරුණු රැසක් කෙරෙහි මෙවර රැස්වීමේ දී අවධානය යොමුවනු ඇත.

සංචාරය අතරතුර අලි සබ්‍රි මහතා විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම