කොවිඩ් එන්නත් අසමාන ලෙස බෙදාහැරීම නවත්වන්නැයි ජගත් ප්‍රජාවගෙන් ලිඛිත ඉල්ලීමක්
2023-03-13 15:44:27
Share with:

ජාත්‍යන්තර දේශපාලනඥයෝ, විශේෂඥයෝ සහ විද්වත්හු කොවිඩ් එන්නත්වල විෂම ව්‍යාප්තිය තුරන් කිරීම සඳහා සහයෝගිතාව ශක්තිමත් කරන ලෙස ලොව රටවලින් ඉල්ලා සිටිති. ඔවුන් අත්සන් තැබූ විවෘත ලිපිය පසුගිය 11 වැනිදා නිකුත් කරනු ලැබීය. 

නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥ ජෝසප් ස්ටිග්ලිට්ස් සහ එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් බෑන් කී මූන් ඇතුළු ලොව පුරා  සම්භාවනීය පුද්ගලයන්, විශේෂඥයන් හා විද්වතුන් 200 ක පමණ පිරිසක් මෙම ලිපියට අත්සන් තබා ඇත.

COVID-19 වසංගතය ලොව පුරා පැතිර යද්දී, ඉහළ සහ අඩු ආදායම්ලාභී රටවල් අතර COVID-19 එන්නත් බෙදාහැරීම දැඩි ලෙස අසමාන විය. ඇතැම් ධනවත් රටවල් අතිරික්ත COVID-19 එන්නත් විනාශ කරන අතර, ඇතැම් දුප්පත් රටවල් තනි මාත්‍රාවක් හෝ ලබා ගැනීමට අසමත් ව තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම