ශක්තිමත් රටක් ගොඩනැගීමේ සහ ජාතික පුනර්ජීවනයේ ඓතිහාසික වගකීම අප පරපුරට පැවරී ඇති බව ෂී ජින් පිං මහතා අවධාරණය කරයි
2023-03-13 10:24:54
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය අද(13) බෙයිජිං හිදී අවසන් විය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමාප්ත සමුළුව අමතමින් අවධාරණය කළේ, ශක්තිමත් රටක් ගොඩනැගීමේ සහ ජාතික පුනර්ජීවනයේ ඓතිහාසික වගකීම අප පරපුරට පැවරී  ඇති බවයි. නව ගමනේ දී, යුගයේ අපේක්ෂාවන්ට, ඓතිහාසික අපේක්ෂාවන්ට මෙන්ම, ජනතාවගේ අපේක්ෂාවන්ට ගැලපෙන ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රියා  කළ යුතු බවත්, ශක්තිමත් රටක් ගොඩනැගීමට සහ ජාතික පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීමට අප පරම්පරාවේ නිසි දායකත්වය ලබා දිය යුතු  බවත්, හෙතෙම සඳහන් කළේ ය.

ශක්තිමත් රටක් ගොඩනැගීමේ හා ජාතික පුනර්ජීවනයේ නව ගමනේදී, චීනය උසස් තත්ත්වයේ සංවර්ධනය නොසැලී ප්‍රවර්ධනය කළ යුතු අතර, සෑමවිටම ජනතාව උත්තරීතරය යන මූලධර්මය පිළිපැදිය යුතු ය. නවීකරණයේ ජයග්‍රහණ සියලු ජනතාවට වඩ වඩාත් සාධාරණ ලෙස ප්‍රතිලාභ ලැබීමට ඉඩ හැරිය යුතු බව, ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම