බටහිර සංවර්ධන ආකෘතීන් ගෙන් බැහැරව සාර්ථක ආර්ථික සංවර්ධන ගමනක නිරත චීනය
2023-03-13 10:31:02
Share with:

චීනයේ නවීකරණය සහ සංවර්ධනය පසුකාලීනව එනම් ගෙවී ගිය දශකයේ සීග්‍රයෙන් සිදුවූවකි. සංවර්ධනය වෙමින් පවතින රටවලට ආදර්ශයට ගත හැකි සංවර්ධන ආඛ්‍යානයක් චීන සංවර්ධන ක්‍රියාවලිය තුළින් හඳුනාගත හැකි බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, සබරගමු විශ්ව විද්‍යාල‍යේ භාෂා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි. බටහිර සංවර්ධන ආඛ්‍යාන තුළින් සංවර්ධනය කරා යාමේදී තුන්වන ලෝකයේ රටවලට විවිධ ගැටලු පැන නැගෙන බව මේ වන විට පැහැදිලිය. ඒවා දේශපාලන, පරිසර, මානව හිමිකම් ගැටලු වශයෙන් හඳුනාගත හැකිය. එහෙත් චීන සංවර්ධන ආඛ්‍යානය වෙනත් රාමුවක ක්‍රියාත්මක වන බවක් දැකිය හැකි බව හෙතෙම සඳහන් කරයි. චීනය සමාජවාදී රටක් වශයෙන්, සංවර්ධන ක්‍රියාවලිය තුළ ආවේණික ක්‍රමවේදයක් අනුගමනය කරයි. එහිදී බටහිර ආඛ්‍යානයේ  බාධා එල්ල වුවද චීනය ස්වකීය ක්‍රමවේද නිර්මාණය කරගනිමින් සංවර්ධනය කරා ගමන් කරන බැවින් ඔවුන්ට අභියෝග මග හැර ගත හැකිය.

චීනය විශාල වශයෙන් කර්මාන්ත ශාලා හරහා නිෂ්පාදන සිදු කොට අපනයන ආදායම මූලික කර ගන්නා රටකි. ජනගහනය අභියෝගයක් නොව සංවර්ධනයට ධනාත්මක ලෙස ප්‍රවේශ කර ගනී. ලෝකය පුරා තම නිෂ්පාදන අලෙවි කිරීම තුළ ඔවුන් ඒ ඒ රටවල් තුළද සබඳතා වර්ධනය කර ගනිමින් සිටින බව ද මහින්ද පතිරණ මහතා කියා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම