පක්ෂය තුළ දැඩි පාලනය මෙන්ම දූෂණයට එරෙහිව නොසැලී නිරතුරුව ක්‍රියා කළ යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි
2023-03-13 10:24:47
Share with:

රටේ සමෘද්ධිමත් සංවර්ධනය උදෙසා චීන කොමියුනිස්ට් පක්ෂය ශක්තිමත් ආකාරයෙන් ගොඩනගා පක්ෂය තුළ දැඩි පාලනය අංග සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. මීට අමතරව, දූෂණයට ප්‍රබල ලෙස විරුද්ධ විය යුතු බව ද චීනයේ උතරීතර බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ නව වාර්ෂික සැසිවාරයේ සමාප්ත සමුළුව අමතමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂය, දැවැන්ත පක්ෂයක් වශයෙන් මුහුණ දීමට සිදුවන අනන්‍ය ගැටළු විසඳීමට අධිෂ්ඨානශීලීව නැගී සිටිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

නිර්භීත ස්වයං විප්ලවයක් තුළින් පක්ෂයේ සමගිය පවත්වා, පක්ෂයේ හැඩය වෙනස් නොවන බවට සහතික විය යුතු බවද ෂී ජින් පිං මහතා පැවසීය. චීන කොමියුනිස්ට් පක්ෂය ශක්තිමත් රටක් ගොඩනැගීම සඳහාත් ජාතික පුනර්ජීවනය සඳහාත් ප්‍රබල පිටුබලයක් ලෙස පෙනී සිටිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම