චීන - ඇමරිකානු සහයෝගිතාවන් හි වැදගත්කම චීන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි
2023-03-13 14:50:54
Share with:

චීනය හා ඇමරිකාව අතර පවතින සහයෝගිතාවන් හි වැදගත්කම චීන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය අද(13) බෙයිජිංහි දී අවසන් වීමෙන් පසු පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී චීන-ඇමරිකානු සබඳතාව පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ඒ බව ප්‍රකාශ කළේය.

චීනය හා ඇමරිකාව, අන්‍යොන්‍ය සංවර්ධනය තුළින් ප්‍රතිලාභ හිමිකර ගන්නා බව හෙතෙම පෙන්වා දෙයි. පසුගිය වසරේ වැඩි කාලයක් Shanghai නගරයේ රාජකාරි කළ තමා ඇමරිකානු ව්‍යවසායයන් ඇතුළු විදේශ ව්‍යවසායයන් හි උසස් පෙළේ නිලධාරීන් සමග සම්බන්ධතා පවත්වා ගනිමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටී. Shanghai සහ චීනය කෙරෙහි ඔවුහු ධනාත්මක ආකල්පයක් දක්වති. චීනයට හා ඇමරිකාවට සහයෝගිතා පැවැත්විය හැකි බවත්, සහයෝගිතා පැවැත්විය යුතු බවත් ඉන් සනාථ වන බව ද ඔහු කියාසිටී.

ෂී ජින් පිං ජනාධිපතිවරයා, පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ජෝ බයිඩන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී එළඹුණු එකඟතා ක්‍රියාවට නැංවිය යුතු බව ද  අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම