හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාපවල භූමිකාව හා තත්ත්වය තවදුරටත් ශක්තිමත් වෙයි
2023-03-13 11:56:24
Share with:

හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාපවල භූමිකාව හා තත්ත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලි ච්‍යං මහතා පවසයි.

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය අද(13) බෙයිජිංහි දී අවසන් වීමෙන් පසු පැවති විශේෂ මාධ්‍ය හමුවට ලි ච්‍යං අග්‍රාමාත්‍යවරයා එක් විය. චීන මධ්‍යම රජයේ සහය ඇතිව හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාපවල භූමිකාව හා තත්ත්වය දුර්වල නොවී තවදුරටත් වඩාත් ශක්තිමත් වනු ඇති බව හෙතෙම එහි දී කියා සිටි‍යේ ය. “එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය යටතේ හොංකොං හා මැකව් හි අනාගතය වඩාත් සුන්දර වනු ඇති බවට අපේක්ෂා කරන බව ද චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් ‍කළේ ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම