චීනයේ සංවර්ධනය ලෝකයෙන් වෙන් කළ නොහැකියි - චීන ජනපති
2023-03-13 10:12:57
Share with:
චීනයේ සංවර්ධනය ලෝකයෙන් වෙන් කළ නොහැකි බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.
අද (13) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහ ශාලාවේදී පැවති 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ සමාප්ත සමුළුව අමතමින් හෙතෙම කියා සිටියේ, චීනයේ සංවර්ධනය ලෝකයට යහපතක් ගෙන දෙන අතර එම සංවර්ධනය ලෝකයෙන් වෙන් කළ නොහැකි බවයි. චීනය විදේශයන් කෙරේ විවෘත වීම ඉහළ මට්ටමින් පවත්වාගෙන යා යුතු ය. සාමය, සංවර්ධනය, සහයෝගිතාව හා පොදු ජයග්‍රහණය යන ධජය ඔසවමින් චීනය සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කර විවෘත ලෝක ආර්ථිකයක් ගොඩ නගා ගත යුතු බව චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ ය.