චීනයේ ප්‍රධාන සමාගම් දෙකක් ශ්‍රී ලංකාවේ සංචාරයක
2023-03-13 14:13:22
Share with:

චීනයේ ප්‍රධාන සමාගම් දෙකක් වන සිනොපෙක් සහ චයිනා මර්චන්ට් සමාගම්වල නියෝජිත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව සිටිති.

සිනොපෙක් යනු පෙට්‍රෝලියම් හා රසායන ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රධාන සමාගමක් වන අතර, චයිනා මර්චන්ට් යනු වරාය හා කාර්මික උද්‍යාන ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගමකි. ශ්‍රී ලංකාව හා දැනට පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම මෙරට නව ආයෝජන අවස්ථා පිළිබඳ සලකා බැලීම මෙම සමාගම්වල අරමුණයි.

ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ ආයෝජනය කෙරෙහි සිනොපෙක් සමාගම අවධානය යොමු කර ඇත. එම සමාගම ඉකුත් වසරේ ලොව ඉහළම සමාගම් 500 අතර පස්වැනි ස්ථානයට පත් ව තිබීම කැපීපෙනේ. චයිනා මර්චන්ට් එහි 152 වැනි ස්ථානයේ පසුවෙයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම