මේ වසරේ චීනයේ ආර්ථික වර්ධන ඉලක්කය 5%ක පමණ අගයක් ලෙස දක්වා ඇති බව චීන අග්‍රාමාත්‍යවරයා පවසයි
2023-03-13 11:58:32
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය අද(13) බෙයිජිංහි දී අවසන් වීමෙන් පසු විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණ. ලි ච්‍යං අග්‍රාමාත්‍යවරයා ඊට එක් වෙමින් දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ය.

ඔහු එහි දී පෙන්වා දුන්නේ, මේ වසරේ චීනයේ ආර්ථික වර්ධන ඉලක්කය සියයට 5ක පමණ අගයක් ලෙස දක්වා ඇති බවයි. එවැනි ඉහළ පදනමක් මත, එම වර්ධන ඉලක්කය සපුරා ගැනීම පහසු නොවනු ඇත. මේ සඳහා අප වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කිරීම අවශ්‍ය වන බව ලි ච්‍යං මහතා අවධාරණය කළේය.

පෞද්ගලික ආර්ථිකය දියුණු කිරීමේ ගැටලුව සම්බන්ධයෙන්, චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මූලධර්ම හා ප්‍රතිපත්ති සෑම විටම ඉතා පැහැදිලිව ක්‍රියාත්මක වේ. පෞද්ගලික ආර්ථිකයේ සංවර්ධන පරිසරය වඩාත් යහපත් වනු ඇති අතර, එහි සංවර්ධනය සඳහා වැඩි ඉඩක් ලැබෙනු ඇති බව, ලි ච්‍යං මහතා එහි දී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම