චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ සමාප්ත සමුළුව අමතයි
2023-03-13 09:36:54
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ සමාප්ත සමුළුව අද (13) පෙරවරු බෙයිජිං හි මහජන මහ ශාලාවේදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමාප්ත සමුළුවේදී දේශනයක් පැවැත්වීය.

චීනයේ සංවර්ධනය ලෝකයට යහපතක් ගෙන දෙන අතර එම සංවර්ධනය ලෝකයෙන් වෙන් කළ නොහැකි බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය. චීනය විදේශයන් කෙරේ විවෘත වීම ඉහළ මට්ටමින් පවත්වාගෙන යා යුතු ය. සාමය, සංවර්ධනය, සහයෝගිතාව හා පොදු ජයග්‍රහණය යන ධජය ඔසවමින් චීනය සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කර විවෘත ලෝක ආර්ථිකයක් ගොඩ නැගීමට දායක වන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

රටේ සමෘද්ධිමත් සංවර්ධනය උදෙසා චීන කොමියුනිස්ට් පක්ෂය ශක්තිමත් ආකාරයෙන් ගොඩනගා පක්ෂය තුළ දැඩි පාලනය අංග සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කළ යුතු බවත් දූෂණයට ප්‍රබල ලෙස විරුද්ධ විය යුතු බවත් චීන ජනාධිපතිවරයා පවසා ඇත. චීන කොමියුනිස්ට් පක්ෂය, දැවැන්ත පක්ෂයක් වශයෙන් මුහුණ දීමට සිදුවන අනන්‍ය ගැටළු විසඳීමට අධිෂ්ඨානශීලීව නැගී සිටිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

නිර්භීත ස්වයං විප්ලවයක් තුළින් පක්ෂයේ සමගිය පවත්වා, පක්ෂයේ ස්වභාවය වෙනස් නොවන බවට සහතික විය යුතු ය. චීන කොමියුනිස්ට් පක්ෂය ශක්තිමත් රටක් ගොඩනැගීම සඳහාත් ජාතික පුනර්ජීවනය සඳහාත් ප්‍රබල පිටුබලයක් ලෙස පෙනී සිටිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

ශක්තිමත් රටක් ගොඩනැගීමේ සහ ජාතික පුනර්ජීවනයේ ඓතිහාසික වගකීම අප පරපුරට පැවරී  ඇත. නව ගමනේ දී, යුගයේ අපේක්ෂාවන්ට, ඓතිහාසික අපේක්ෂාවන්ට මෙන්ම, ජනතාවගේ අපේක්ෂාවන්ට ගැලපෙන ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රියා  කළ යුතු බවත්, ශක්තිමත් රටක් ගොඩනැගීමට සහ ජාතික පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීමට අප පරම්පරාවේ නිසි දායකත්වය ලබා දිය යුතු බවත්, හෙතෙම සඳහන් කළේ ය.

මෙවර සැසිවාරයේ දී යළි චීන ජනපති ධූරයට තමා තේරී පත් වීම පිළිබඳව සියළු නියෝජිතයන් හා සමස්ත චීන ජනතාවන්ගේ විශ්වාසය වෙත ෂී ජින්පිං මහතා ස්තුතිය පළ කළේය. ජනතාවගේ විශ්වාසය, ඉදිරියට  යාමේ විශාලතම ගාමක බලවේගය මෙන්ම දැඩි වගකීමක් ලෙසට ද  දැනේ. තම යුතුකම් ඉටු කරමින් මුළු හදවතින්ම කැප වෙමින් සියළු නියෝජිතයන් හා සමස්ත ජනතාවගේ විශ්වාසය කිසි විටෙකත් බිඳ නොහෙළන බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම