ජනතාව අතර සිට
2023-03-12 13:45:57
Share with:

 "ජනතාව මෙවැනි ධූරයකට මා ‍‍තෝරා පත් කර ගැනීම හේතුවෙන් සැමවිටම ජනතාව මගේ හදවතේ ඉහළම ස්ථානයේ තැබිය යුතු යි."

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කියා සිටී.

ජනතාව අතර සිට ඔහු ජනතාව වෙනුවෙන් වෙහෙසෙන්නේ ජනතාවගේ අනුබලය මතයි. කහ පස් බිමේ කුඩා ගම්මානයක සිට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව දක්වා, චීන කොමියුනිස්ට් පක්ෂයේ ග්‍රාමීය ශාඛා ලේකම්වරයාගේ සිට පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා හා රටේ ජනාධිපතිවරයා දක්වා, රට තම සිතෙහි රඳවාගෙන ඊට අවධානය යොමු කරන ෂී ජින්පිං මහතා, තමා ජනතා සේවකයෙකු ලෙස සලකමින් කටයුතු කරයි. ජනතාවගේ සුබසාධනය සාක්ෂාත් කර ගැනීම සඳහා හෙතෙම දිගුකාලීනව වෙහෙස මහන්සි වී සියළු උත්සාහය යොදවමින් සිටී. 

ඉතාම සුළු දේ සිට, ජනතාව කෙරෙහි සම්පූර්ණ සැලකිල්ල දැක්වීමට අමතක නොකරන ඔහු ජනතාව කෙරෙහි ගැඹුරුම ආදරය ක්‍රියාවෙන් දිව්රා ප්‍රකාශ කොට සනාථ කර ඇත.

ඒ  “මම මගේ මුළු ජීවිතයම ජනතාව වෙනුවෙන් කැප කරනු ඇත”යනුවෙනි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම