දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට යාපනේ අල කිලෝ 50,000ක්
2023-03-12 16:34:32
Share with:

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල යාපනේ අර්ධද්වීපයෙන් විශාල වශයෙන් අර්තාපල් අල අස්වැන්නක් ලැබෙමින් පවතින බව වෙළෙන්දෝ පවසති.

යාපනේ ගොවීන් විසින් වගා කරන ලද අර්තාපල් අල 10වැනිදා උදෑසන කිලෝ 50,000කට අධික ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. පසුගිය දිනවල දේශීය අර්තාපල් අල කිලෝවක තොග මිල රු. 170ත් 200ත් අතර මිලකට අලෙවි වූ බවත්, මේ වන විට යාපනේ දේශීය අර්තාපල් අල කිලෝවක් රු.120ත් 140ත් අතර මිලකට අලෙවි වන බවත් ඔවුහු පෙන්වා දෙති.

පකිස්තානය සහ බංගලදේශය යන රටවලින් මේ දිනවල වැඩි වශයෙන් මෙරටට අර්තාපල් අල ආනයනය කරන බවත්, රු. 90ත් 95ත් අතර කිලෝවක තොග මිලකට අලෙවි වූ විදේශීය අර්තාපල් කිලෝව 10වැනිදා රු. 120ත් 130ත් අතර මිලකට අලෙවි කරන බව ආනයන අර්තාපල් අල වෙළෙන්දෝ පවසති. කෙසේ වෙතත් යාපනය අර්ධද්වීපයෙන් මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට කැරට්, රතු ලූණු, එළවළු වර්ග, රැසක් ලැබෙමින් පවතින බවත් ඒ සඳහා හොඳ ඉල්ලුමක් පවතින බවත් ව්‍යාපාරිකයෝ පවසති.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම