ජනපති ධූරයට පත් වූ ෂී ජින්පිං මහතාට රාජ්‍ය නා‍යකයෝ රැසක් සුබ පැතුම් එක් කරති
2023-03-12 16:32:32
Share with:

චීන ජනාධිපති ධූරයට පත්ව සිටින ෂී ජින්පිං මහතා වෙත රටවල් රැසක නායකයෝ සුබ පැතුම් පිරිනමති.

 ෂී ජින්පිං මහතා චීන ජනපති ධූරයට තේරී පත්වීම තුළින්, සමාජවාදී ව්‍යායාමයට ඔහු සිදු කළ මහඟු මෙහෙවර කෙරේ චීන ජනතාවගේ විශ්වාසය පිළිබිඹු වන බව කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු ලේකම්, ජනාධිපති Miguel Díaz-Canel Bermúdez මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.

ෂී ජින්පිං මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් ජනතාවගේ අනුබලය පිළිබිඹු වන බවත් සිරියානු චීන සාම්ප්‍රදායික මිත්‍රත්වය පිළිබඳව තම ජනතාව ආඩම්බර වන බවත් සිරියානු ජනාධිපති Bashar al-Assad මහතා සුබ පැතුම් පිරිනමමින් පවසා ඇත.

අනතුරුව කසක්ස්ථානය, බෙලරුසියාව, බෲනයි දේශය, ඉන්දුනීසියාව, මාලදිවයින, කුවේට් දේශය, පලස්තීනය, කෙන්යාව ඇතුළු රටවල් රාශියක නායකයින් ද සුබ පැතුම් පණිවිඩ එවා තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම