කැනඩාවේ නේවාසික පාසල් තුළ සිදු වූ භයානක ඉරණම එක්සත් ජාතීන්ගේ විශේෂඥයා හෙළා දකී
2023-03-12 16:18:45
Share with:

කැනඩාව තුළ අර්ථවත් සංහිඳියාවක් සහ වගකීමක් සාක්ෂාත් කර ගැනීම සඳහා 2015 සත්‍ය කොමිසමේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයෙක් එරට රජයෙන් ඉල්ලා සිටී. රට තුළ නේවාසික පාසල් පද්ධතියෙන් දිවි ගලවා ගත් පුද්ගලයන්ගේ සාක්ෂි ඉතා බිහිසුණු බව හෙතෙම කැනඩාවේ දින 10ක සංචාරයක් අවසානයේ පසුගිය 10 වැනිදා පැවසීය.

කැනඩාවේ ආදිවාසී පළමු ජාතීන්, Métis සහ Inuit ළමුන් 150,000කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ පවුල්වලින් වෙන් කර 1870 සහ 1997 අතර සමයේ රජයේ අරමුදල් සහිත පාසල් වෙත යාමට බල කර තිබේ. වසර 2015 දී කැනේඩියානු රජය විසින් පත් කරන ලද සත්‍ය සහ සංහිඳියා කොමිසමක් නිගමනය කළේ ළමයින් ශාරීරිකව හා ලිංගිකව අපයෝජනයට ලක් වූ බවයි. කෙදිනකවත් සම්පූර්ණයෙන් දැන ගැනීමට නොහැකි සංඛ්‍යාවකින් පාසල්වල ළමුන් මිය ගොස් ඇති බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20230921බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම