අධි සුඛෝපභෝගී මගී නෞකාවක් ශ්‍රී ලංකාවට
2023-03-12 16:36:59
Share with:

 “ප්‍රින්සස් කෲස්” (Princess Cruise) හි අධි සුඛෝපභෝගී මගී නෞකාව ශ්‍රී ලංකාවේ කොළඹ වරායට ඊයේ(11) පැමිණ තිබේ.

සංචාරක අමාත්‍යාංශය පැවසුවේ මෙම නෞකාවෙන් සංචාරකයින් 1894 දෙනෙකු පැමිණ ඇති බවත් එහි කාර්ය මණ්ඩලය 906 දෙනෙකු ඇති බවත්ය.

නෞකාවෙන් පැමිණි සංචාරකයින් අතරින් 159දෙනෙකු කොළඹ වරායෙන් ගොඩ බැස ඇති අතර ඔවුන් මහනුවර, පින්නවල, මීගමුව, ඉංගිරිය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.

නෞකාව අද(12) පස්වරු 07.30ට ඩුබායි බලා පිටත්ව ගියේය.

ප්‍රින්සස් නෞකාව දැනට දින 112ක්, ලොව වටා සංචාරය කර ඇති අතර මෙහි ගමන ආරම්භය  2023 ජනවාරි 05වැනි දින ආරම්භ වී 2023 අප්‍රේල් 27වැනි දිනෙන් අවසන් වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම