චීන රාජ්‍ය මණ්ඩලයේ උප අග්‍රාමාත්‍ය ඇතුළු ධුරයන් පත් කෙරේ
2023-03-12 15:08:21
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ පස් වැනි පූර්ණ සැසිය පැවැත්වේ. ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු පිරිස අද (12) පැවති එම සැසියට එක් වූහ.

එම සැසියේදී රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්, විවිධ අමාත්‍යාංශ අමාත්‍යවරුන්, විවිධ කමිටු අධ්‍යක්ෂවරුන්, චීන මහජන බැංකුවේ අධිපති හා විගණකාධිපති ඡන්ද විමසීමෙන් තෝරා ගැනිණ.

ජනාධිපතිවරයා ජනපති නියෝගයට අත්සන් කර, රාජ්‍ය මණ්ඩලයේ උප අග්‍රාමාත්‍යවැන්, රාජ්‍ය මණ්ඩල සාමාජිකයන්, විවිධ ඇමතිවරුන්, විවිධ කමිටු අධ්‍යක්ෂවරුන්, චීන මහජන බැංකුවේ අධිපති, විගණකාධිපති සහ මහලේකම් නම් කර ඇත.

අනතුරුව රාජ්‍ය මණ්ඩලයේ උප අග්‍රාමාත්‍යවරු, රාජ්‍ය මණ්ඩල සාමාජිකයෝ, මහලේකම් චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව දිවුරුම් දුන්හ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම