චීනයේ මැදිහත්වීමෙන් සෞදි අරාබිය හා ඉරානය අතර ඇති වූ එකඟතාවට විදෙස් මාධ්‍යයේ දැඩි ප්‍රතිචාර
2023-03-12 16:27:55
Share with:

පසුගිය 10 වැනිදා රාත්‍රියේ චීනය සෞදි අරාබිය හා ඉරානය බෙයිජිං හිදී ත්‍රෛපාර්ශ්වික ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළහ. එය ක්ෂිණිකව ලොව පුරා ප්‍රධාන මාධ්‍ය ආයතනවල සිරස්තල බවට පත්විය.එම නිවේදනයට අනුව, සෞදි අරාබිය හා ඉරානය අතර රාජත්‍යාන්ත්‍රික සබඳතාව යථා තත්ත්වයට පත් කිරීම ඇතුළත් කරුණු පිළිබඳ ගිවිසුමකට එහිදී එකඟවී තිබේ.එමෙන්ම ජගත් හා කලාපීය සාමය හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා උපරිම උත්සාහයක් දැරීමට අදාළ රටවල් තුන අපේක්ෂා පළ කළ බව ද එහිදී ප්‍රකාශ කෙරිණ. 

"මැද පෙරදිග කලාපීය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කෙරෙහි එය ඉතා ඉහළ ජයග්‍රහණයක් " " යුගයේ අර්ථවත් සන්ධිස්ථානයක්" විවිධ ජගත් මාධ්‍ය ආයතන ඊට ධනාත්මක ඇගයීම් නිකුත් කළහ. චීනයට එරෙහිව නිතරම අහේතුක විවේචනය කිරීමට උනන්දුවෙන් සිටින බටහිර රටවල මාධ්‍ය ආයතන පවා චීනය එම මැදිහත්වීම සඳහා ලබා දුන් උත්සාහය පිළි ගත්තේය.

2016 වසරේ සෞදි අරාබිය හා ඉරානය අතර රාජ්‍යතන්ත්‍රික සබඳතාව අත්හිටුවිණ. ගතවූ වසර 7ක් තුළ සබඳතාව යළි ගොඩනැඟීම සඳහා විවිධ රටවල් මැදිහත්වීමට දැඩි උත්සාහයන් ගත්ත ද සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට අසමත් විය.එම පසුබිම මධ්‍යයේ, චීනයේ මැදිහත්වීම මත සෞදි අරාබිය සහ ඉරානය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි පුනරුත්ථාපනය කිරීමට තීරණය කිරීම "අනපේක්ෂිත" සිද්ධියක් ලෙස ඇතැම් විදෙස් මාධ්‍ය විසින් ප්‍රකාශ කොට තිබිණ.

ගතවූ වසර කිහිපය තුළ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මැද පෙරදිග කලාපයේ ගැටළු කෙරේ අසාධාරණ ලෙස මැදිහත්වීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් ගැටළු තත්ත්වයන් අඛණ්ඩව උග්‍ර වී තිබිණ. එම කලාපයේ වැදගත් රටවල් දෙකක් වන සෞදි අරාබිය හා ඉරානය ඒ හේතුවෙන් ඉහළ මිලක් ගෙවා තිබේ. ඇමරිකාව විශ්වාස කළ නොහැකි බව මැද පෙරදිග රටවල් පැහැදිලිව අවබෝධ කර  ගෙන ඇත.

මේ අතරම මැද පෙරදිග රටවල උපායමාර්ගික ස්වාධිපත්‍යයට අනුබල දෙමින් සංවාදය මගින් ගැටළු විසඳා ගැනීමට චීනය සැම විටම අනුබල දෙයි. සිය රටට අත්වන ප්‍රයෝජන පිළිබඳව නොසිතා, කුඩා කණ්ඩායම් නිර්මාණය නොකරන චීනය, අසාධාරණ ලෙස මැදිහත්වීම් සිදු නොකරයි. මැද පෙරදිග රටවලට විශ්වාස කළ හැකි සැබෑ මිත්‍රයෙක් ලෙස ‍‍චීනය බෙයිජිං හිදී අදාළ සංවාදය පැවැත්වීම මෙවැනි ප්‍රතිඵලයක් ඇති වීමට හේතුවයි.  

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම