චීනයේ මැදිහත්වීමෙන් සෞදි අරාබිය සහ ඉරානය නැවත රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අරඹයි
2023-03-11 14:32:05
Share with:

සෞදි අරාබිය සහ ඉරානය නැවත රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට  එකඟත්වය පළ කරයි. 

චීනය, සෞදි අරාබිය සහ ඉරානය අතර සාකච්ඡා මාර්තු 6 සිට 10 වැනිදා දක්වා බෙයිජිං හි දී පැවැත්විණ. එහිදී අදාළ ගිවිසුමට අත්සන් තැබීම සඳහා සෞදි අරාබියේ රාජ්‍ය අමාත්‍ය, අමාත්‍ය මණ්ඩල සාමාජික සහ ජාතික ආරක්ෂක උපදේශක මුසාද් බින් මොහොමඩ් අල්-අයිබන් සෞදි නියෝජිත පිරිසට නායකත්වය දුන් අතර, ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් අද්මිරාල් අලි ෂම්ඛානි ඉරාන නියෝජිත පිරිසට නායකත්වය දුන්හ. 

තානාපතිවරුන් හුවමාරු කර ගැනීමට සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ මාර්ග ගවේෂණය කිරීමට විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා පැවැත්වීමට එකඟ වූ බව එම ත්‍රෛපාර්ශ්වය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා සත්කාරකත්වය සැපයීම, සහාය දැක්වීම සහ දායක වීම සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ ඉරානය යන දෙපාර්ශ්වයම චීන නායකයින්ට සහ චීන රජයට ස්තුතිය පුද කළ බව ද එම නිවේදනයේ සඳහන්.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම