අන්තර් කලාපීය ආයෝජන දිරිගන්වන්න ශ්‍රී ලංකාව BIMSTEC වෙත පොරොන්දු වෙයි
2023-03-11 15:39:52
Share with:

සියලු දෙනාටම පරිවර්තනීය ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීම සඳහා ඉවහල් වන අන්තර් කලාපීය ආයෝජන දිරිගන්වන අන්තර් ජාතික ව්‍යාපාරික ආයතන ජාලයක් ගොඩනැඟීමට පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාව, බහු-ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (BIMSTEC) හමුවේ අවධාරණය කරයි.

විදේශ කටයුතු ඇමති එම්. යූ. එම්. අලි සබ්රි මහතා අතථ්‍ය ආකාරයෙන් පැවති බහු-ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 19 වැනි අමාත්‍ය රැස්වීම අමතමින් මේ බව සඳහන් කළේය.

රැස්ව සිටි පිරිස ඇමතූ අමාත්‍යවරයා, ගෝලීය ආර්ථික වර්ධන ගමන් පථය ආසියාව දෙසට යොමුව ඇති බැවින්, ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා බිම්ස්ටෙක් රටවල වෙළෙඳ හා ආයෝජන යළි පුබුදුවාලිය යුතු බව සඳහන් කළේය. එක් එක් රටවල සංසන්දනාත්මක ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කරමින් අන්තර් කලාපීය වෙ‍ළඳාම ඉහළ නැංවීම සඳහා සහයෝගිතා ප්‍රයත්න ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද ඔහු අදහස් දැක්වීය.

බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, මියන්මාරය සහ ශ්‍රී ලංකාව යන බිම්ස්ටෙක් රටවල විදේශ කටයුතු ඇමතිවරු ඊට සහභාගි වූහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම