ජනපති නියෝගයට අත්සන් තබමින් චීන ජනාධිපතිවරයා ලී ච්‍යං මහතා අගමැති ධුරයට පත් කරයි
2023-03-11 12:02:46
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ සිව් වැනි පූර්ණ සැසිය පැවැත්වේ. ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු පිරිස අද(11) පැවති  සැසියට එක් වූහ. 

ජනාධිපතිවරයා ජනපති නියෝගයට අත්සන් කර ලී ච්‍යං මහතා චීන මහජන සමූහාණ්ඩුවේ රාජ්‍ය මණ්ඩලයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

අනතුරුව ලී ච්‍යං මහතා චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව දිවුරුම් දුන්නේය.

එම සැසියේදී චාං ජුන් මහතා චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපතිවරයා ලෙසත් යිං යොන්ග් මහතා චීන උත්තරීතර මහජන පැමිණිලි සැපයුම් මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් ලියු ජින්ගෝ මහතා ජාතික අධීක්ෂණ කමිටු අධ්‍යක්ෂවරයා ලෙසත් තේරී පත්ව සිටිති.



ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම