සෞදි අරාබිය හා ඉරානය අතර සහජීවනය ලෝකයට සුබ ආරංචියක්
2023-03-11 15:56:16
Share with:

සෞදි අරාබිය හා ඉරානය බෙයිජිංහි පැවැත්වූ සංවාදය, සාමයේ ජයක් බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ වං යී මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ බෙයිජිංහි පැවති සෞදි අරාබි-ඉරාන සංවාදයේ සමාප්ත උළෙලේ මුලසුන දැරීමෙන් පසු මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

සෞදි අරාබිය හා ඉරානය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා යළි ආරම්භ කිරීමට ප්‍රකාශ කිරීම, එම රටවල් දෙකේ බෙයිජිං සංවාදයේ වැදගත් ප්‍රතිඵලයක් වන අතර එය සාමයේ ජයග්‍රහණයක් බව ඔහු කීය. වර්තමානයේ නොසන්සුන් තත්තවයේ පසු වන ලෝකයට එය පැහැදිලිවම අතිශයින් සුබවාදී ප්‍රවෘත්තියක් හා සක්‍රීය සංඥාවකි. 

මිත්‍රශීලි හා විශ්වසනීය මැදිහත්කරුවකු වශයෙන්, චීනය සිය සත්කාරකත්වය අවංකම ක්‍රියාත්මක කර ඇත. ඉදිරියේදී විවිධ රටවල අපේක්ෂාවන්ට අනුකූලව ලෝකයේ උණුසුම් ගැටළු නිසි ලෙස නිරාකරණය කිරීමට සංවර්ධනාත්මක මෙහෙවර ඉටු කරමින් දැවැන්ත රටක් දැරිය යුතු වගකීම මනාව භාර ගෙන කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව වං යී මහතා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම