චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු චීන සංචාරකයන් පිරිස දිවයිනට
2023-03-11 15:40:53
Share with:

ලොව පුරා පැතිර ගිය කොරොනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු චීන සංචාරකයන් පිරිස ඊයේ (10) වැනිදා රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකයන් පිරිස දින 07 ක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

ඔවුන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං මහතා, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

මෙතැන් සිට සෑම සතියක චීනයේ ෂැංහයි සහ කුංමිං ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් වාර 06 ක් චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් යානා චීන සංචාරකයන් රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

මීට පෙර මාර්තු පළමු වැනිදා රට විවෘත වීමෙන් පසු චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි 117 දෙනෙකුගෙන් යුත් පළමු සංචාරකයන් පිරිස චීනයේ ග්වැන්චෞ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම