Fukushima න්‍යෂ්ටික අප ජලය මුහුදට මුදා හැරීමේ සැලසුමට ජපාන ජනතාව විරෝධය පළ කරති
2023-03-11 15:57:26
Share with:

Fukushima න්‍යෂ්ටික බලාගාරයෙන් න්‍යෂ්ටික දූෂිත අප ජලය මුහුදට මුදා හැරීමට එරෙහිව ජපාන ජනතාව විරෝධය පළ කරති. 

ඊයේ(10)ජපානයේ ආර්ථීක වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යංශය ඉදිරිපිට ජපාන රජයේ සහ ටෝකියෝ විදුලි බල සමාගමේ එම සැලසුමට එරෙහිව ජනතාව රැලියක් සංවිධානය කළහ. 

ජපානයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධානී Fukushima Mizuho මහත්මිය රැලියේදී පැවසුවේ න්‍යෂ්ටික අනතුරු සිද්ධීන් තවමත් සිදුවෙමින් පවතින බවයි. ජපාන රජය නිකුත් කළ Fukushima න්‍යෂ්ටික අනතුර සිද්ධියේ හදිසි තත්ත්වය පිළිබඳ ප්‍රකාශය අහෝසි  කර නොමැත. න්‍යෂ්ටික දූෂිත අප ජලය මුහුදට මුදා හැරිය නොහැකි බවත් විකිරණශීලී ද්‍රව්‍ය සාමූහිකව කළමනාකරණය කළ යුතු බවත් ඇය සඳහන් කළාය.

Fukushima න්‍යෂ්ටික බලාගාරයෙන් න්‍යෂ්ටික දූෂිත අප ජලය ටොන් මිලියන ගණනක් පිරිපහදු කෙරෙන අතර තනුක කිරීමෙන් පසු මේ වසරේ වසන්තයේ දී සාගරයට මුදා හැරීමට ජපාන රජය 2021 වසරේ තීරණය කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම