පසුගිය මාස දෙක තුළ සංචාරක ආදායම රු. කෝටි 10,200ක්
2023-03-11 15:41:55
Share with:

මූල්‍ය වශයෙන් අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට නව ජවයක් එක් කරමින් මේ වසරේ පළමු මාස දෙකේදී පමණක් රුපියල් කෝටි 10,200ක (ඇමරිකානු ඩොලර් මිලියන 331.7) ආදායමක් උපයාගැනීමට මෙරට සංචාරක කර්මාන්තය සමත්ව තිබේ.

මෙය පසුගිය 2022 වසරේ මුල් මාස දෙකේ සංචාරක ඉපැයීම් අගය වූ ඩොලර් මිලියන 321.1 හා සැසඳීමේදී සියයට 3.3ක වර්ධනයක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

මෙම වසරේ පෙබරවාරි මාසයේ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 169.9ක් ලෙස වාර්තා විය. 2022 වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,136.3ක් වූ බවත්, ඊට පෙර 2021 වසරේ මේ ප්‍රමාණය වාර්තා වී තිබුණේ ඩොලර් මිලියන 506.9ක් ලෙස බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

මේ වසරේ පළමු මාස දෙකේ පමණක් විදෙස් සංචාරකයන් 210,184 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ජනවාරි මාසයේ 102,545ක් සහ පෙබරවාරි මාසයේ 107,639ක් ලෙස වාර්තා වී තිබෙන බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම