ජනාධිපති හා හමුදා කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසමේ සභාපති යන ධූරවලට තේරී පත්වූ ෂී ජින්පිං මහතා වෙත වියට්නාම ආණ්ඩු පක්ෂයේ හා රාජ්‍ය නායකයෝ සුබ පැතුම් පිරිනමති
2023-03-11 20:15:23
Share with:

චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති හා  හමුදා කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසමේ සභාපති යන ධූරවලට තේරී පත්වූ ෂී ජින්පිං මහතා වෙත වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් Nguyễn Phú Trọng මහතා හා එරට ජනාධිපති Võ Văn Thưởng මහතා සුබ පැතුම් පිරිනමති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හා සමස්ත පක්ෂයේ කේන්ද්‍රය වශයෙන්, ෂී ජින්පිං මහතාට අඛණ්ඩව චීන කොමියුනිස්ට් පක්ෂය, හමුදාව හා ජනතාව මෙහෙයවමින් බලවත් ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ටාචාරාත්මක සුසංගත හා සුන්දර නවීකරණයෙන් යුත් සමාජවාදී රටක් ගොඩනැගීමේ ගමන් මග තුළදී වඩාත් වැඩි දැවැන්ත ජයග්‍රහණ දිනා ගනු ඇතැයි විශ්වාස කරන්නේ යැයි ඔවුන්ගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම