අඩුවී ඇති වී අස්වනු නැංවීමට ජාත්‍යන්තර සහාය
2023-03-10 16:07:42
Share with:

ශ්‍රී ලංකාවේ වී අස්වනුවල අඩුවීමක් පසුගිය වසර 10ක කාලයේ දී දක්නට ලැබෙන බව අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ  එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) පවසයි.

ශ්‍රී ලංකාවේ වී වගාව සඳහා යොදාගන්නා හෙක්ටයාර් 890000 ක භූමි ප්‍රමාණයෙන්, සියයට 75 ක්ම කුඩා පරිමාන ගොවීන් විසින් වගාකරනු ලැබේ. 

වියළි සහ අතරමැදි කලාපයේ වී නිෂ්පාදනය සියයට 10කින් ඉහළ නැංවුවහොත් ශ්‍රී ලංකාවට ටොන් මිලියන භාගයක අතිරේක වී නිෂ්පාදනයක් සිදුකළ හැකි අතර, වඩාත් කාර්යක්ෂම වගා ක්‍රමයන් හඳුන්වාදෙන්නේ නම් අඩු ජල ප්‍රමාණයක් හා අවම රසායනික ප්‍රමාණයක් යොදාගනිමින් සහ අඩු පිරිවැයක් යටතේ එම නිෂ්පාදනය ඉහළ නැංවිය හැකි බව ද අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ  එක්සත් ජනපද නියෝජිතායතනය කියා සිටී.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය,  අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ  එක්සත් ජනපද නියෝජිතායතනයේ සහාය ඇතිව කෘෂිකර්ම අමාත්‍යාංශය සමගින්  එක්ව මෙයට අදාළ ආරම්භක වැඩමුලුවක් මැනිලා හි අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ විද්වතුන් සහ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පවත්වා ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම