ජූනි මාසයට පෙර ශැන්හයි සහයෝගතා සංවිධානයට එක් වීමට බෙලරුසියාව සැරසේ
2023-03-10 16:54:15
Share with:

මේ වසරේ ජූනි මසට පෙර ශැන්හයි සහයෝගිතා සංවිධානයට එක්වීම සඳහා අදාළ ක්‍රියාපටිපාටිය පූර්ණ කිරීමට බෙලරුසියාව සැලසුම් කරයි.

බෙලරුසියානු ජනාධිපති Alexander Lukashenko මහතා ඊයේ(9) ඒ රටේ Minsk නුවරදී මේ බව ප්‍රකාශ කළේය.

ශැන්හයි සහයෝගිතා සංවිධානයේ නිල සාමාජීය රටක් බවට පත්වීම සඳහා දැනට බෙලරුසියාව නිරීක්ෂණ රටක් ලෙස අදාළ නීති ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කරමින් සිටී.මේ වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ශැන්හයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුවට පෙර බෙලරුසියාව එම සංවිධානයට එක්වීමේ ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කරනු ඇති බව Alexander Lukashenko මහතා පැවසීය.

2010 වසරේ බෙලරුසියාව ශැන්හයි සහයෝගිතා සංවිධානයේ සංවාද හවුල්කාරී රටක් බවට පත්වූ අතර 2015 වසරේ එම සංවිධානයේ නිරීක්ෂණ රටක් බවට පත්විය.පසුගිය වසරේ ජූලි මස එම සංවිධානයට එක්වීමේ ඉල්ලුමක් බෙලරුසියාව විසින් ඉදිරිපත් කෙරිණ. ඒ අනුව පසුගිය වසරේ ශැන්හයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායකයන්ගේ කමිටුවේ 22 වන රැස්වීමේදී බෙලරුසියාව එම සංවිධානයේ නිල සාමාජික රටක් බවට පත්වීමේ ක්‍රියාපටිපාටි ආරම්භ කිරීමේ ලිපි අත්සන් කළේය.      

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම