ගෝලීය වශයෙන් ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා චීනයේ කාර්යභාරය ඉතා වැදගත්
2023-03-10 15:36:40
Share with:

චීනය ආර්ථික සාමාජීය දේශපාලන වශයෙන් ඉතා අසීරු අවධියක් 2022 වසරේ පසු කොට එය ජයගෙන තිබෙන අවස්ථාවක 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයට සහ ෂී ජින්පිං මහතා චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස ඒකමතිකව නැවත වතාවක් තේරී පත් වීම වෙනුවෙන් තමන් සුභාශිංශන පිරිනමන බව ජාත්‍යන්තර සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී මිලින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙවර සැසියේ දී ඉදිරිපත් කෙරුණු සංවර්ධන වැඩපිළිවෙල චීනයට පමණක් නොව සමස්ථ ලෝක ආර්ථිකයේම සංවර්ධනය උදෙසා ප්‍රබල සාධකයක් වනු ඇත. මෙම වසර තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5% ක වර්ධනයක් අපේක්ෂා කිරීම ඉන් ප්‍රධානතම සාධකයකි. උසස් ප්‍රමිතියෙන් යුත් ආර්ථික සහ වෙළඳ ගිවිසුම්වලට ප්‍රවේශ වීම සක්‍රියව ප්‍රවර්ධනය කිරීම මෙන්ම ප්‍රමිතීන්ට අනුව ආයතනික විවෘත භාවය ක්‍රමානුකූලව පුළුල් කිරීමට කටයුතු කිරීම ආර්ථික සංවර්ධනයට මහත් පිටුබලයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද මිලින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ගෝලීය වශයෙන් ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා චීනයේ කාර්යභාරය මේ අවස්ථාවේ ඉතා වැදගත් සාධකයකි. එය එසේ පවත්වා ගෙන යාම සඳහා චීනයේ ආරක්ෂක, සමාජ, දේශපාලන, ආර්ථික ස්ථාවරත්වය ලෝක දේශපාලන බලතුලනයට මේ මොහොතේ ඉතාම වැදගත් සාධකයක් බව මිලින්ද රාජපක්ෂ මහතා කියා සිටී.

වඩාත් සුබවාදී සහ වඩාත් දූරදර්ශී, වඩාත් ප්‍රබල තීරණ රැසක් ගනිමින් ලෝක දේශපාලන බල තුලනය ස්ථිරසාර සහ ශක්තිමත් කරන වැඩපිළිවෙලක් වෙත 2023 දී ගමන් කරනු ඇතැයි තමා ‍බලාපොරොත්තු වන අතර ඊට සුබ පැතුම් එක් කරන බවද ජාත්‍යන්තර සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී මිලින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම