බැංකු හරහා ඩොලර් එවූ මෙරට ශ්‍රමිකයන්ගේ මෝටර් රථ දිවයිනට
2023-03-10 16:06:51
Share with:

මෙරටට විදේශ මුදල් එවූ ශ්‍රමිකයන්ට තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය ඊයේ (9) සිට ආරම්භ කෙ‍රිණ.

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට ගෙන ඒම දිරිමත් කිරීම සඳහා, ඉලෙක්ට්‍රික් වාහන ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඔවුන් එවන විදේශ විනිමය ප්‍රමාණය මත පදනම්ව එම මුදල් ප්‍රමාණයෙන් අඩකට සමාන සී.එෆ්.අයි. වටිනාකමක් සහිත වාහන ආනයනය කිරීමට මෙම අවසරය හිමිව ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියා සිටී.

ඉලෙක්ට්‍රික් වාහන ආනයනයේදී රජයට ගෙවිය යුතු බදු මුදල්ද විදේශ ව්‍යවහාර මුදල්වලින් ගෙවිය යුතුය. ඒ අනුව රටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වූ බවද හෙතෙම සඳහන් ‍ක‍ළේය.

මෙම වරප්‍රසාදයට හිමිකම් ඇති විදේශ ශ්‍රමිකයන්ගේ වාහන මේ වන විට රේගුව මගින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. 

නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මුදල් එවන ශ්‍රමිකයන්ට වාහන ආයනයන බලපත්‍ර පමණක් නොව තවත් බොහෝ වරප්‍රසාද ලබා දීමට කටයුතු කරමින් සිටින බවද මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම