විදේශීය අරමුදල් යොදවන ව්‍යවසායයන් සඳහා ජාතික මට්ටමේ සැලකිලි ක්‍රියාත්මක කිරීමට චීනය ගෙන ඇති තීරණය ප්‍රශංසනීයයි
2023-03-10 09:32:55
Share with:

වෙළඳපළ ප්‍රවේශය පුළුල් කිරීම සහ නවීන සේවා කර්මාන්තයේ විවෘතභාවය පුළුල් කිරීම සඳහා චීනය අවධානය යොමු කරන බව 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයට ඉදිරිපත් කෙරුණු රා‍ජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ. මෙය චීන ආර්ථිකයේ අනාගත දිශාව පිළිබඳ වැදගත් ලක්ෂණයක් ලෙසට දැකිය හැකි බව චීන ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගතා සංගමයේ මහ ලේකම් කවීෂ ලොකුහිටිගේ මහතා පවසයි. විශේෂයෙන් වෙළඳපොල ප්‍රවේශය පුළුල් කිරීමෙන් ආර්ථික ක්‍රියාකාරීත්වයේ සක්‍රීය ස්වභාවය තව තවත් වර්ධනය වීමට හේතුවනු ඇත. ඉන් වෙළඳපොල අවස්ථා පුළුල් වීමෙන් දේශීය වශයෙන් පමණක් නොව විදේශ ව්‍යවසායකයින්ට ද චීන වෙළඳපොලෙන් විශාල අවස්ථා සොයා ගැනීමට ‍හැකිවනු ඇති බව ද හෙතෙම කියා සිටී. විදේශීය අරමුදල් යොදවන ව්‍යවසායයන් සඳහා ජාතික මට්ටමේ සැලකිලි ක්‍රියාත්මක කරන බවද චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ.මෙය ආයෝජකයන් තුළ විශ්වාසය තවදුරටත් ඉහළ නැංවීමට ද හේතුවනු ඇත. නවීන සේවා කර්මාන්තයේ විවෘතභාවය පුළුල් කිරීමද විදේශ ව්‍යවසායන් සඳහා එහි ඇති අවස්ථාවන් පුළුල් කිරීමට හේතු වෙයි. සමස්තයක්  ලෙසට චීනය සිය විවෘතභාවයේ අඛණ්ඩව එල්බ සිටීම මෙවැනි පියවරයන් තුළින් චීනය යළි වරක් ලෝකය හමුවේ පිළිබිඹු කර ඇතැයි ද කවීෂ ලොකුහිටිගේ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම