නේපාලයට නව ජනාධිපතිවරයෙක්
2023-03-10 15:14:48
Share with:

Ram Chandra Poudel මහතා නේපාලයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙයි. නේපාල කොංග්‍රස් පක්ෂයේ නායකයා වන ඔහු එරට තුන්වැනි ජනාධිපතිවරයා ලෙස ඊයේ (09) එම ධුරයට තේරී පත්විය.

Ram Chandra Poudel මහතා තම ප්‍රතිවාදියා වූ නේපාලයේ මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ  උපසභාපති Subash Chandra Nembang මහතා පරාජය කළේ, ඡන්ද 52 628 කින් 33 802 ක් ලබාගනිමිනි. Nembang මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 15 518 කි.

78 හැවිරිදි Poudel මහතා,  ජනාධිපතිවරණයේ දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, ජාතික සභාව සහ පළාත් සභා හතේ මන්ත්‍රීවරුන් ද ඇතුළුව පාලක පක්ෂ අටක් නියෝජනය කළ අපේක්ෂකයා විය.  Nembang මහතා අපේක්ෂකත්වය සඳහා පිළිගෙන තිබුණේ ඔහුගේම පක්ෂය විසින් පමණකි. 

එසේම, Ram Chandra Poudel මහතා, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හිටපු කථානායකවරයෙකි. හෙතෙම, ජනාධිපතිනි Bidya Devi Bhandri මහත්මිය විශ්‍රාම ගැනීමෙන් දිනකට පසු එනම්, 13 වැනිදා සිය පස් අවුරුදු ජනාධිපති ධුර කාලය ආරම්භ කරනු ඇත.

නේපාලය ජනරජයක් බවට පත්වූයේ 2008 වසරේ දී ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම