‍ෂී ජින්පිං මහතා චීන ජනපති ලෙස තේරී පත්වීම වෙනුවෙන් රුසියානු, උතුරු කොරියානු හා ලාඕස රාජ්‍ය නායකයින්ගෙන් සුබපැතුම්
2023-03-10 18:38:36
Share with:

ෂී ජින්පිං මහතා චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව රුසියාවේ ජනාධිපති ව්ලැඩිමිර් පූටින් මහතා, උතුරු කොරියානු උත්තරීතර නායක Kim Jong-un මහතා සහ ලාඕස ජනාධිපති Thongloun Sisoulith මහතා සුබපැතුම් පිරිනමති.

ෂී ජින්පිං මහතා විසින් ඉදිරිපත් කළ චීනයේ ආර්ථික හා සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ හා ජාත්‍යන්තර වේදිකාවේ චීනයේ ප්‍රතිලාභ ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්ති චීන ජනතාවගේ පොදු යහපතට හේතුවන බව චීන ජාතික මහජන කොංග්‍රසය සම්මත කළ එම තෝරා ගැනීමෙන් වටහා ගත හැකි බව ව්ලැඩිමිර් පූටින් මහතා අද (10) සිය සුබපැතුම් පණිවුඩයේදී සඳහන් කළේය.

ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කර ගන්නා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රයේ සැලසුම් හරහා චීන ජනතාව නව ජයග්‍රහණ අත්කර ගනු ඇතැයි Kim Jong-un මහතා විශ්වාසය පළ කළේය.

ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කර ගන්නා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ, චීන ජනතාව නියමිත පරිදි “දෙවන සියවසේ ඉලක්කය” සහ චීන ජාතියේ මහා පුනර්ජීවනයේ චීන සිහිනය නිසැකවම සැබෑ කර ගනු ඇති බව ලාඕස ජනපති Thongloun Sisoulith මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම