චීනය Tianhui-6 ද්විත්ව චන්ද්‍රිකා සාර්ථකව අභ්‍යවකාශයට දියත් කරයි
2023-03-10 15:06:47
Share with:

උතුරු චීනයේ Shanxi පළාතේ Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අද(10)  උදෑසන 6:41 ට Tianhui-6 ද්විත්ව චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරන ලදී.  Long March-4C යන ප්‍රවාහක රොකට්ටුව මගින් මෙම Tianhui-6 A සහ Tianhui-6 B යන ද්විත්ව චන්ද්‍රිකා සැලසුම් කළ කක්ෂයට සාර්ථකව ඇතුළු වී ඇත.

භූගෝලීය සිතියම්කරණය, ඉඩම් සම්පත් සමීක්ෂණය, විද්‍යාත්මක අත්හදා බැලීම් සහ වෙනත් මෙහෙයුම් සඳහා මෙම චන්ද්‍රිකා යොදා ගැනීමට අපේක්ෂිතයි. මෙය Long March ප්‍රවාහක රොකට් මාලාවේ 465  වන මෙහෙයුමයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම