මඩ පොහොර නැව ලබන 17 කොළඹ වරායට
2023-03-09 15:52:31
Share with:
වී වගාව සඳහා අත්‍යවශ්‍ය මඩ පොහොර හෙවත් TSP- Triple Super Phosphate මෙට්‍රික් ටොන් 36,000ක් සහිත පොහොර නැව මෙම මස 17වැනිදා කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ.
මඩ පොහොර නැවක් ලංකාවට ගෙන්වන්නේ වගා කන්න තුනකට පසුවයි.
වී වගාවට අවශ්‍ය පොස්පරස් හා පොටෑසියම් මෙම පොහොර භාවිතය මගින් ලබා ගත හැකි වන අතර එම ඛනිජ ද්‍රව්‍ය පසුගිය කන්න කිහිපයේ හිඟවීම නිසා වී වගාවේ නියමිත අස්වනු ලබා ගැනීමට නොහැකි විය.
මේ මස 17වැනි දින මෙරටට ලැබෙන මඩ පොහොර වගාවට අවශ්‍ය සමස්ත නිර්දේශිත ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර මත මෙම මඩ පොහොර තොගය ලබා දී තිබේ.