ඒකාබද්ධ ජාතික උපායමාර්ගික පද්ධතිය සහ හැකියාව වැඩිදියුණු කිරීමට චීන ජනාධිපතිගෙන් උපදෙස්
2023-03-09 19:14:07
Share with:

ඒකාබද්ධ ජාතික උපායමාර්ගික පද්ධතිය සහ හැකියාව වැඩිදියුණු කිරීම පිළිබඳව චීන ජනාධිපතිවරයා අවධානය යොමු කරයි. ඒ පිළිබඳ සැකසීම හා උපදෙස් ඔහු පසුගිය 8 වැනිදා 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ මහජන විමුක්ති හමුදාවේ සහ සන්නද්ධ පොලිස් බලකායේ නියෝජිත පිරිසේ පූර්ණ රැස්වීමට එක් වෙමින් ඉදිරිපත් කර ඇත.

ඒකාබද්ධ ජාතික උපායමාර්ගික පද්ධතිය හා හැකියාව වැඩිදියුණු කිරීම, රටේ සංවර්ධනය සහ ආරක්ෂාව එක්ව ප්‍රවර්ධනය කිරීමටත්, ආර්ථික සහ ආරක්ෂක ඉදිකිරීම් ඒකාබද්ධව දියුණු කිරීමටත් උපායමාර්ගික පියවරක් බව ද හෙතෙම පැවසීය. නවීකරණ සමාජවාදී රටක් පූර්ණව ගොඩනැගීමටත්, චීන ජාතියේ පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීමටත්, හමුදාවේ ශත සංවත්සර ඉලක්කය සාක්ෂාත් කර ගැනීමටත්, චීන හමුදාව ලොව විශිෂ්ටයින් බවට පත් කිරීම කඩිනම් කිරීමටත්, එම පියවර ඉතා වැදගත් වන බව ෂී ජින්පිං මහතා කියා සිටියේය.

   ඒ සඳහා කරුණු පහකින් වෑයම් දැරිය යුතු බව ඔහු පෙන්වා දෙයි. එනම් විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය සංවර්ධනය කිරීම, නවීන ක්ෂේත්‍රවල උපායමාර්ගික ධාරිතාවේ දියුණුව කඩිනම් කිරීම, ජාතික ආරක්ෂක විද්‍යා තාක්ෂණික කර්මාන්ත හමුදාව බලගැන්වීම හා සටන් හැකියාවට සේවාව තහවුරු කිරීම, වැදගත් යටිතල පහසුකම් සංවර්ධනය ශක්තිමත් කිරීම, දැවැන්ත සංචිත පද්ධතිය ගොඩනැගීම කඩිනම් කිරීම යන කරුණු පහට වෑයම් දැරිය යුතු බව ෂී ජින්පිං මහතා උපදෙස් දී තිබේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම