රුපියල ශක්තිමත් වීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට
2023-03-09 15:51:30
Share with:

ඇමරිකානු ඩොලරයේ වටිනාකම දිනෙන් දින අඩුවීම හේතුවෙන් ඉකුත් දින කිහිපයේ වෙළෙඳ පොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතී.

මීට සතියකට පෙර වෙළෙඳපොළේ සීනි කිලෝවක තොග මිල රුපියල් 220ක් වූ අතර අද වන විට එය රුපියල් 195 දක්වා පහළ ගොස් තිබේ. පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 340ක්ව පැවති අතර අද වන විට රුපියල් 325ක් දක්වා පහත බැස ඇත. රුපියල් 115කට පැවති ලොකු ලූණු කිලෝව අද රුපියල් 95ක් දක්වා පහත බැස තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම