ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතීන් නැවත ලබා දිය යුතු බව චීනයේ ස්ථාවරයයි
2023-03-09 16:47:10
Share with:

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඵලදායිකව සුරක්ෂිත කරන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී

ඊයේ (8) පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඇෆ්ගනිස්ථාන ප්‍රශ්න පිළිබඳ විවෘත රැස්වීමේදී දේශනයක් කරමින් එක්සත් ජාතීන්ගේ චීන උප නියෝජිත Geng Shuang මහතා එම ඉල්ලීම ඉදිරිපත් කර ඇත. 

ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ ආර්ථීක පදනම දැඩි ලෙස විනාශ කෙරෙන අතර එහි මානව හිමිකම් තත්ත්වය උග්‍ර වෙමින් පවතී. එය කාන්තාවන්ට හා දරුවන්‍ට ජීවත්වීම පිළිබඳ දරුණු බාධාවක් බැවින් වහාම ඉවත් කළ යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය. ඇමරිකාව වැනි රටවල් වහාම ඇෆ්ගනිස්ථානු මහ බැංකුව සතු වත්කම් එරට ජනතාවට ආපසු ලබා දිය යුතු බවත්, එමඟින් ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට හා දරුවන්ට ජයග්‍රහණ ලබා ගත හැකි බවත් ඔහු සඳහන් කළේය. 

එමෙන්ම ඇෆ්ගනිස්ථානයේ තාවකාලික රජය සැබෑ පියවර ක්‍රියාත්මක කරමින් කාන්තාවන්ගේ අධ්‍යාපන හා රැකියා නියුක්තිය ඉහළ දැමීම සහතික කිරීම චීනයේ අපේක්ෂාවයි.අසල්වැසි රටක් ලෙස චීනය ඇෆ්ගනිස්ථානයේ සාමය ස්ථාවරත්වය හා සංවර්ධනය සාක්ෂාත් කිරීමට අනුබල දෙනු ඇත.ජගත් ප්‍රජාව සමඟ එක්ව, චීනය ඇෆ්ගනිස්ථාන ජනතාව හැකි ඉක්මනින් දිළිඳු බවින් මුදවා යහපත් අනාගතයක් නිර්මාණය කිරීමට සහය දෙනු ඇතැයි ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම