දියුණු රටවල මෙන් කාන්තාවන්ට අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන බව ජනපති පවසයි
2023-03-09 15:49:18
Share with:

කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්ති දෙකක් කෙටුම්පත් කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (08) බත්තරමුල්ලේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමිනි.

2023 – 2033 දක්වා “ස්ත්‍රී, පුරුෂ සමාජභාවී සමානාත්මතාව සහ කාන්තා සවිබල ගැන්වීම උදෙසා ජාතික ප්‍රතිපත්තිය” සහ “කාන්තාවන් සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය” යන ප්‍රතිපත්තීන් තව දුරටත් සංශෝධනය කරමින් ඉදිරිපත් කිරීමට එමඟින් අපේක්ෂා කෙරේ.

ඒ වෙනුවෙන් කෙටුම්පත් 3 ක් සැකසීමට නියමිතය. ස්ත්‍රී පුරුෂ සමාජභාවි සහ සමානතා පනත, කාන්තා සවිබල ගැන්වීමේ පනත හා ජාතික කොමිෂන් සභාව එම කෙටුම්පත් 3යි. එම කෙටුම්පත් මෙම මාසය තුළ සාකච්ඡා කර ජූලි මාසය වන විට නීතිගත කිරීමට කටුයුතු කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

කාන්තාවන් සහ ස්ත්‍රී, පුරුෂ සමාජභාවය පිළිබඳ ආයතනයක් ඇරඹීමට අපේක්ෂා කරන අතර කාන්තා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම එහි අරමුණයි.

කාන්තා අයිතිවාසිකම් ක්‍රියාත්මක කර අනෙක් දියුණු රටවල මෙන් කාන්තාවන්ට එම අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම