ඇමරිකානු වාණිජ අමාත්‍යවරියගේ චීන සංචාරය පිළිබඳ චීනය විවෘත ආකල්පයක් දරයි
2023-03-09 13:12:14
Share with:

ඇමරිකානු වාණිජ අමාත්‍යවරිය චීනයේ නිල සංචාරයක නිරත වනු ඇති බවට අපේක්ෂා පළ කරයි.

ඇමරිකානු වාණිජ අමාත්‍ය Gina Raimondo මහත්මිය පසුගිය දා මාධ්‍ය අමතමින් පැවසුවේ චීනයේ නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බවයි.

චීන වාණිජ අමාත්‍යංශයේ අදාළ නිලධාරීන් මේ පිළිබඳ අදහස් දක්වමින් ඊයේ(08) සඳහන් කළේ Raimondo අමාත්‍යවරියගේ චීන සංචාරයට අදාළ යෝජනාව චීනයට මෙතෙක් ලැබී නොමැති බවයි. දෙරටේ වාණිජ ආයතන සංවාද පැවැත්වීම ඉතා වැදගත් බව චීනයේ අදහස වන අතර අමාත්‍යවරියගේ චීන සංචාරය පිළිබඳ චීනය විවෘත ආකල්පයක එළඹ සිටී. සංවාද හරහා දෙපාර්ශ්වයේම පොදු අවධානයට ලක්වන ගැටළු නිරාකරණය කර ද්විපාර්ශ්වික ප්‍රායෝගික සහයෝගිතාවය ප්‍රවර්ධනය කිරීමට චීනය අඛණ්ඩව කැපවී සිටින බව ද චීන වාණිජ අමාත්‍යංශය අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම