සිරියාවේ සිදු වන ත්‍රස්තවාදී යුද්ධයට ඇමරිකාව වගකිව යුතු බව සිරියානු විදේශ අමාත්‍යංශය පවසයි
2023-03-09 10:08:34
Share with:

සිරියානු විදේශ අමාත්‍යංශය ඊයේ(8) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පසුගිය 6වැනිදා කළ ප්‍රකාශය සිරියාව හෙළා දකින බවයි. සිරියාවට විපක්ෂ හමුදාවන්ට සහ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ඇමරිකාව සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන් මූල්‍ය සහ යුධ ආධාර කිරීම හේතුවෙන්,  මෙම කණ්ඩායම් සිරියානු යටිතල පහසුකම් සහ සමාජ ශිෂ්ටාචාරය විනාශ කර තිබේ. මේ වන විට ඇමරිකාව තවදුරටත් සිරියාවේ තෙල් සහ ආහාර සම්පත් සොරකම් කරමින් සිටීම හේතුවෙන්, සිරියානු ආර්ථිකයට සිදුව ඇති පාඩුව ඇ.ඩොලර් බිලියන 30කි.  ඇමරිකාව එය ආපසු ගෙවිය යුතු බව ද සිරියානු විදේශ අමාත්‍යංශය සඳහන් කළේය. 

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ සිරියානු කැරලිකරුවන්ට තවදුරටත් සහය දෙන බවයි. මෙය අඛණ්ඩව වසර 12ක් පුරා ඇමරිකාව සිරියානු ජනතාවට සිදු කර ඇති හානිය පිළිබඳ වැදගත් සාක්ෂියකි. එමෙන්ම සිරියාවේ සිදු වන ත්‍රස්තවාදී යුද්ධයට ඇමරිකාව වගකිව යුතු බව සිරියානු විදේශ අමාත්‍යංශය අවධාරණය කළේ ය.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම