සීතල යුද මානසිකත්වය අත්හරින ලෙසට ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් චීනය ඉල්ලා සිටී
2023-03-09 17:23:59
Share with:

සීතල යුද මානසිකත්වය අත්හරින ලෙසට චීනය ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටී.

අද (9) පැවති චීන විදේශ අමාත්‍යංශ නිත්‍ය මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙක් AUKUS න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගතාව පිළිබඳව ප්‍රශ්නයක් නැඟීය. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පැවසුවේ එම සහායෝගිතාව න්‍යෂ්ටික ව්‍යාප්ති අවදානමක් ඇති කරන අතර චීනය බොහෝ වතාවක් ම ඊට විරෝධය පළ කර ඇති බවයි. එම සහයෝගිතාව හමුදා තරඟයට උත්තේජනයක් සපයන අතර ආසියා-පැසිෆික් කලාපයේ සාමය හා ස්ථාවරත්වයට හානි කරන බව ද ඇය පැවසීය. ජාත්‍යන්තර සමාජයේ පොදු විරෝධයට ලක්ව ඇති එම සීතල යුද මානසිකත්වය ඉවත් කර කලාපීය සාමයට සහ ස්ථාවරත්වයට හිතකර දෑ පමණක් සිදු කරන ලෙසට Mao Ning මහත්මිය එහිදී එම ර‍ටවල් තුනෙන් ඉල්ලා සිටියාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම