චීනයේ සංවර්ධන ගමන ආ‍‍වේණික ලක්ෂණවලින් සපිරි ගමනක්
2023-03-09 08:42:26
Share with:

බටහිරකරණය සංවර්ධනය ලෙස විග්‍රහ කළ නොහැක. 1970 දශකය වන තෙක්  සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් බටහිර සංවර්ධන ආකෘති භාවිතයට ගෙන සංවර්ධනය කරා යාමට උත්සාහ කළේය. එහෙත් සංවර්ධනය සඳහා විශ්වීය මාවතක් නොමැති බව 70 දශකයෙන් පසු හඳුනාගැනුණු බව කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සංනිවේදන දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ආචාර්ය මාපා තිලකරත්න මහතා පවසයි. සංවර්ධනයේ දී ලෝකයේ රටවල් ආවේණික ක්‍රම අනුගමනය කරයි. ආසියාතික රටක් ලෙස චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වේගයෙන් දියුණු වන රටකි. ඒ ඒ රටවල සංස්කෘතින් හා සමාජ තත්ත්වයන්‍ට අනුව තමන්ට ගැළපෙන සංවර්ධන ආකෘතින් සොයා ගත යුතුය.

ඒ අනුව, චීනය කෘෂිකර්මය, කාර්මිකරණය, තාක්ෂණය, තොරතුරු තාක්ෂණය ආදිය මනාව සුසංයෝග කරමින් සංවර්ධනය කරා ගමන් කරමින් සිටී. මාවෝසේතුං ගේ පාලන කාලයේ දෘෂ්ඨිය පදනම් කරගනිමින් තරුණ ප්‍රජාව සහ ඔවුන්ගේ නායකත්වය ඉදිරියට ගනිමින් සංවර්ධනයට දායකත්වය ලබා ගත් බව හෙතෙම කියා සිටී. ලෝකයේ සෙසු කිසිදු රටක් නොලැබූ දියුණුවක් මේ වන විට චීනය ලබා තිබේ. චීනයට අයත් වාණිජ ආයතන, වෙළඳ සේවා, කර්මාන්ත වෙනත් රටවල දක්නට ඇති බවද ආචාර්ය මාපා තිලකරත්න මහතා සඳහන් කරයි. චීනයේ විවිධ ව්‍යවසායන් වෙනත් රටවල තරගකාරී ලෙස ක්‍රියා කෙරේ. මේ වන විට චීනය සෙසු රටවල් සමග තොරතුරු තාක්ෂණ, වාණිජකරණය, කාර්මිකරණය සහ කෘෂිකාර්මික අංශයෙන් ද සබඳතා පවත්වන අයුරු දක්නට ලැබේ.

මේ අනුව, පූර්ණ සංවර්ධනයක් කරා යන රටක් ලෙස නුදුරේදීම ලෝකයේ බලවතා වීමට කිසිදු අභියෝගයක් චීනයට නොමැති බව ආචාර්ය මාපා තිලකරත්න මහතා ගේ අදහස වී තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම