චීනයේ නීති සම්පාදන නීතියේ සංශෝධන කෙටුම්පත චීන ජාතික මහජන කොංග්‍රසයට ඉදිරිපත් කෙරේ
2023-03-09 22:22:36
Share with:

මෙම වසරේ චීනයේ ‘සැසිවාර දෙක’ පැවැත්වෙන කාලය තුළ, චීන නීති සම්පාදන නීතියේ සංශෝධන කෙටුම්පත පරීක්ෂා කිරීම සඳහා චීන ජාතික මහජන කොංග්‍රසයට යළි ඉදිරිපත් කෙරිණ. එම කෙටුම්පත තුළ සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කිරීම හා සංවර්ධනය කිරීම පිළිබඳ කරුණු ඇතුළත් වූ බව නිරීක්ෂකයන්ගේ අවධානයට ලක්විය. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ද නොවේ ද යන්න ඇගයීමේදී කේන්ද්‍රීය සාධකය වන්නේ ජනතාව සැබවින්ම රටේ හිමිකාරකත්වය දරන්නේ ද නැද්ද යන්නයි.

සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ අත්‍යවශ්‍ය ගුණාංගයයි.එම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය හරහා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ, උපදේශනය, ප්‍රතිපත්ති සම්පාදනය, කළමනාකරණය සහ අධීක්ෂණය ඒකාබද්ධව සම්බන්ධ කර ඇත. එමගින් රටේ දේශපාලන හා සමාජීය වශයෙන්  සෑම ක්ෂේත්‍රයකදීම ජනතාවගේ හඬ ඇසීමට ලැබෙන අතර ජනතාවගේ අභිලාෂයන් ප්‍රකාශ විය හැකිය.

චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සාමාජිකයන් සැසිවාර දෙක වෙත ඉදිරිපත් කළ යෝජනා තුළින්, බිලියන 1.4ක චීන ජනතාවගේ අදහස් හා අභිලාෂයන් ප්‍රකාශ කෙරිණ. එය ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වටිනා දෘෂ්‍ය කෝණ හා විවිධ ක්ෂේත්‍රවල අත්දැකීම් සම්භාරයක් සපයා දී ඇත.

 ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසඳීමේ යාන්ත්‍රණයක් මිස ආටෝපයක් නොවේ. චීනයේ සමාජ හා ආර්ථික ජයග්‍රහණ ලබා ගැනීම සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කිරීමෙන් වෙන් කළ නොහැකි ය.

සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය කිරීම චීන ලක්ෂණ සහිත නවීකරණයේ අත්‍යවශ්‍ය ගුණාංගයයි.එම ව්‍යුහය" චීන පරිපාලනයේ " දැවැන්ත වාසි ලෝකයට පෙන්නුම් කර ඇති අතර මානව ප්‍රජාතන්ත්‍රවාදයේ සංවර්ධනය සඳහා නව මාවතක් විවර කොට  ති‍බේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම