චීන-ස්පාඤ්ඤ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරයට දෙරටේ ජනාධිපතිවරුන්ගෙන් සුබ පැතුම්
2023-03-09 09:53:26
Share with:

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සැමරීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (9) ස්පාඤ්ඤයේ හයවන ෆෙලිපේ රජු සමඟ සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගත්තේය.

අඩසියවසකට පමණ පෙර සිට චීනය සහ ස්පාඤ්ඤය අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතා හරහා දෙපාර්ශ්වය පුළුල් උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති අතර එමඟින් දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ හිමි වූ බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය නව ආරම්භයක් ලෙස සලකා චීන-ස්පාඤ්ඤ මිත්‍ර සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ඇරඹීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පැවසීය.

වසර 50කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට ස්පාඤ්ඤ-චීන සබඳතා ස්ථාවරව හා සුමටව වර්ධනය වී ඇති බව හයවන ෆෙලිපේ රජු ප්‍රකාශ කළේය. මිත්‍රශීලී සහ ප්‍රායෝගික සහයෝගීතාව වර්ධනය කර ගැනීමටත්, දේශගුණික විපර්යාස වැනි ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහාත් දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා සඳහා වසර 50ක් සම්පූර්ණ වීමේ අවස්ථාව ආරම්භයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම