ඒ ඒ රටවල් සමඟ එක්ව දෙස් විදෙස් ගමනාගමන පහසුකම් සැපයීමට චීනය අපේක්ෂා කරයි
2023-03-09 19:29:16
Share with:

ඒ ඒ රටවල් සමඟ එක්ව දෙස් විදෙස් ගමනාගමන පහසුකම් සැපයීමට චීනය අපේක්ෂා කරයි.

මාධ්‍ය වාර්තාවකට අනුව, චීනයේ මහ ගොඩබිම , චීන හොංකොං විශේෂ පරිපාලන කලාපය හා චීන මැකෞ විශේෂ පරිපාලනය යන ස්ථාන තුනේ සිට ඔස්ට්‍රේලියාවට ළඟා වන සංචාරකයන්ට පනවා ඇති සංචාරයට පෙර Covid-19 පරීක්ෂණ පිළිබඳ නියෝගය එළඹෙන11 වැනිදා සිට අහෝසි කරන බවට  එරට රජය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(9) පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළාය. ඒ ඒ රටවල් වසංගත වැළැක්වීම හා පාලනය කිරීම සඳහා විද්‍යාත්මක මෙන්ම සුදුසු පියවර යොදා ගත යුතු ස්ථාවරයේ චීනය සෑම විටම එල්බ සිටී. එමෙන්ම ඒ ඒ රටවල් සමඟ එක්ව දෙස් විදෙස් පුද්ගලයන්ට සංචාරක පහසුකම් ලබා දීමට චීනය අපේක්ෂා කරන බවද ඇය සඳහන් කළාය.  

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම