ඉදිරි මාස කිහිපය තුළ ඇමරිකා ආර්ථිකයේ කැපී පෙනෙන වර්ධනයක් බලාපොරොත්තු විය නොහැකි බව ඇමරිකානු පෙඩරල් සංචිතය ඊයේ(8) නිකුත් කළ ආර්ථික තත්ත්වයන් පිළිබඳ දුඹුරු පත්‍රිකාවෙන් අනාවරණය කළේය. ඒ අනුව වසරේ මුල් භාගයේ ඇමරිකා ආර්ථික ක්‍රියාකාරකම් පෙරට වඩා යම් මට්ටමකින් වර්ධනය වුව ද උද්ධමන පීඩනය තවදුරටත් පවතී. අඛණ්ඩ පසු බැසීමකින් පසු නිෂ්පාදන කර්මාන්තය යම් ස්ථාවර තත්ත්වයකට ළඟා වනු ඇත. නිවාස වෙළඳපොළ තවදුරටත් පහළ යාමක් පෙන්නුම් කරන අතර නැගෙනහිර ඇමරිකාවේ මුහුදට ආසන්න ප්‍රදේශවල නිවාස වෙළඳපොලේ වර්ධනය කාර්තුවක සාමාන්‍ය මට්ටම ද ඉක්මවා ගොස් ඇත. ප්‍රධාන වශයෙන් ඇමරිකාවේ ණය අවශ්‍යතාව අඩු වෙමින් ණය ප්‍රමිතිය ඉහළ යමින් සහ ණය නොගෙවීමේ අනුපාතයේ යම් වර්ධනයක් ඇති විය හැකි බව එම පත්‍රිකාව සඳහන් කරයි. අවිනිශ්චිතතාවයන් උග්‍ර වීමත් සමග ඉදිරි මාස කිහිපය තුළ ඇමරිකා ආර්ථික තත්ත්වයේ විශාල වෙනස්කම් සිදු වීමේ ප්‍රවණතාවය ඉතා අවම බව ද අවධාරණය කෙරේ.