චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය ආයතනවල නව ප්‍රධානීන් නම් කිරීම පිළිබඳ සාකච්ඡාවට ගැනේ
2023-03-09 11:32:00
Share with:

අද (9) ‍පස්වරුවේ 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ නියෝජිත කණ්ඩායම එක් රැස් වී චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය ආයතනවල නව ප්‍රධානීන්ගේ නම් ලැයිස්තුව පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. චීන රාජ්‍ය මණ්ඩලයේ ආයතනික ප්‍රතිසංස්කරණ සැලැස්ම පිළිබඳ තීරණ කෙටුම්පත එහි දී පරීක්ෂාවට හා සාකච්ඡාවට ලක් කෙරේ. චීන ජනාධිපතිවරයා හා නියෝජ්‍ය ජනාධිපතිවරයා , චීන මහජන සමූහාණ්ඩුවේ හමුදා කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසමේ සභාපතිවරයා, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා, නියෝජ්‍ය සභාපතිවරයා සහ මහ ලේකම්වරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය ආයතනවල නව ප්‍රධානීන් නම් කිරීම පිළිබඳව ද එහි දී සාකච්ඡාවට ගැනීමට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම